පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි ඇමරිකාවේ FBI හෙළි කරයි. රාජපක්ෂවරුන්ට එල්ල කළ ආණ්ඩුවේ ලොකුම මඩ සුන් වෙයි.

[1]. ජේවීපී-මාලිමා ආණ්ඩුව සහ එයට සහය දෙන සමහර පූජකවරුන් විසින් පසුගිය කාලය පුරාවටම ජප කරන ලද මන්තරයක් වන්නේ “පාස්කු ප්‍රහාරයේ මහමොළකරු” යන්නයි. ඒ හරහා ඔවුන් වක්‍රාකාරයෙන් මෙන්ම සෘජුවමත් රාජපක්ෂවරුන්ට මඩ ගැසූ බව නොරහසකි. 

[2]. ඒ මඩ අවලාදකරුවන් සියල්ලටම කට උත්තර නැති වෙන ආකාරයේ පිළිතුරක් ලැබී තිබේ. 

(i). පිළිතුර ලැබෙනේ ඇමරිකාවේ FBI ආයතනයෙනි. වර්තාව මෙතනින් කියවන්න.

(ii). FBI විශේෂ නියෝජිත Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 දින ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණයට ඉදිරිපත් කළ එම අති විශේෂ දිවුරුම් ප්‍රකාශය, පාස්කු ප්‍රහාරයෙන් පසු FBI ආයතනය සිදුකළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵල මත පදනම් වේ. 

[3]. එම FBI වාර්තාවේ 3 පි‍ටුවේ සඳහන් 6 වෙනි කරුණෙන් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු (මහමොළකරු) ලෙස සහරාන් හෂිම් නම් කර ඇත.

[4]. එහි තවදුරටත් සඳහන් වෙන්නේ “සහරාන් විසින් සෘජුවම සිරියාවේ සිටින ISIS නායකත්වය සමග සන්නිවේදනය කර ප්‍රහාරය සඳහා අනුමැතිය ලබා ගත්” බවයි.

[5].  FBI වර්තාවේ කොතනකවත් රාජපක්ෂවරුන් ගැන සඳහනක් නොමැත.  ඒ අනුව පසුගිය කාලයේදී ජේවීපී-මාළිමා ආන්ඩුව සහ ඊට කත් අදින පූජකයින් විසින් දිගින් දිගටම කරන ලද සාහසික මඩ ගැසීමේ තරම වැටහෙනවා නේද?

[6].  රාජපක්ෂවරුන්ට එරෙහිව දිගින් දිගටම මඩ ගැසුවේ නොදැනුවත් කම නිසා යැයි කියමින් ආණ්ඩුවට අත පිස ගැනීමට නොහැකියි. සහරාන් හෂීම් යනු ප්‍රහාරයේ මහ මොළකරු බව ඔවුන් මුල සිටම දැන සිටියෝය. ආණ්ඩුවට සහය දෙන මෙන්ම රාජපක්ෂවරුන්ට එරෙහිව මඩ ගසන ලංකා ඊ නිවුස් මුලදී පැහැදිළිවම සඳහන් කළේ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් බවයි.!

https://web.archive.org/web/20250203092939/https://www.lankaenews.com/news/9264/si

[7]. කෙසේ නමුත් විශේෂ නම් 2 ක් ගැන සඳහන් වෙයි.

Mohammad Ibrahim Inshaf Ahamed (“Inshaf”)

Ilham Mohamed Mohamed Ibrahim (“Ilham”)

ඔවුන් බෝම්බ පුපුරවාගත් ත්‍රස්තවාදීන් වන අතර, ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, එම දෙදෙනාගේම තාත්තා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් වීමයි. පාස්කු දින ප්‍රහාරය ගැන කළින් දැනගෙන, ඒ ගැන හෙළි නොකීරීම මත ඔහුව අත් අඩංගුවට පත් විය.

 

[8]. ගමේ මරණාධාර සමිතියක නිලධාරියෙක් පත් කිරීමේදී පවා, ඔහුගේ හතර වරිගයේම පවුල් පසුබිම බලන අතර, ඇමති ධූරයක් ලැබීමට ඉඩ ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමට යෝජිත අපේක්ෂකයෙක්ගේ පසුබිම බැලීමට අමතක වුණා යැයි කීම පිළිගත නොහැක්කකි. 

(i). තම පක්ෂයේ නායක රෝහන විජේවීර මහතාව ඝාතනය කළ බවට චෝදනා ඇති උදවිය සමග එකට සිටින උදවියගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.

(ii).  යම් ලෙසකින් ඊබ්‍රාහිම් ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් ලෙස තරග කළ මැතිවරණයෙන් ජවිපෙ ජයග්‍රහණය කර, ඊබ්‍රාහිම්ට ඇමති ධූරයක් ලැබුණේනම්, ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් ආණ්ඩුවේ සිටින එකම ආසියානු රට ලෙසට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හංවඩු ගැසෙනු ඇත.

 [9]. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව සංවිධානාත්මක අති විශාල මඩ ගැසීමකට ආණ්ඩුව සූදානම්ව සිටින බවට වාර්තා වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයාගේ ත්‍රස්තවාදී පුතුන් ගැන සඳහන් FBI වාර්තාවත් සමග එම මඩ සියල්ල කණපිට ගැසුණි.