නාමල් රාජපක්ෂ මැතිතුමන්, ඉන්දියාවේදී පැවැත්වුණු “පිබිදෙන භාරතය” සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස එක් වෙයි.

ඉන්දියාවේදී පැවැත්වුණු “පිබිදෙන භාරතය”  සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස හිටපු තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා. ම. නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ආරාධනා ලැබුණි.

නාමල් රාජපක්ෂ මැතිතුමන් එහිදී  “දකුණු ආසියා බන්දේසිය සහ  දියුණුවේ මෙනුව” නම් සුවිශේෂ කතා රේඛාවට (Panel discussion)  එක්විය.

එහිදී ඉන්දියාවද චීනයද යන ජාත්‍යන්තරයේ අතිශය සංවේදී පැනයට නාමල් රාජපක්ෂ මැතිතුමන් සහ මාලදිවයින් හිටපු ආරක්ෂක ඇමතිනි මාරියා ඩිඩී දුන් පිළිතුරු මේ වන විට  ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වෙයි.

චීනය ශ්‍රී ලංකාවේ යටිතල සංවර්ධනයට දායක වූයේ යම් සේද  මෑත භාගයේ විශාලතම ආයෝජන සහකරු  ඉන්දියාව යයි නාමල් රාජපක්ෂ මැතිතුමන් කීවේය

හවුල්කරුවෙකු ලෙස නාමල් වඩා විශ්වාස කරන්නේ කවුද යැයි  විමසූ විට,  ලංකාවේ ජනයාට  හොඳම ප්‍රතිලාභ දෙන රට තමාගේ තේරීම යයි  කීවේය.

ඉන්දියාව සහ චීනය අතර බල තුලනයක් පවත්වා ගැනීම තමාගේ ප්‍රතිපත්තිය යැයි නාමල් රාජපක්ෂ මැතිතුමන් පෙන්වා දුන්නද  මාරියා ඩිඩි කතා රේඛාව පුරාවට ඉන්දියාවට හූ මිට තියනු දැකිය හැකි විය.

අවසානයේ මාලදිවයින් හිටපු ආරක්ෂක ඇමති බැරිස්ටර් මාරියාට වඩා වැඩි අවධානයක් නාමල් රාජපක්ෂ මැතිතුමන් වෙත යොමු විය. වෙනත් වචන වලින් කිවහොත් සභාවේ පමණක් නොව  ඉන්දීය භූදේශපාලන නිරීක්‍ෂකයින්ගේ  සුවිශේෂ අවධානය දිනා ගැනීමට නාමල් රාජපක්ෂ මැතිතුමන් සමත්විය.

අන්තර්ජාතිකව සංවේදී ප්‍රශ්න වලට දේශපාලනික වශයෙන් නිවැරදි පිළිතුරු ලබා දීම අතිශය වැදගත් වන අතර, ලෝක බලවතුන් දෙදෙනාම තරහ කර නොගන්නා අතරේ, ඔවුන්ව තුලනාත්මකව යොදාගෙන ශ්‍රී ලංකාවටද වාසි සහගත අයුරින් නාමල් රාජපක්ෂ මැතිතුමන් පිළිතුරු ලබා දුන් ආකාරයට බොහෝ අයගේ ප්‍රසංශා හිමිවිය.

මෙම සමුළුවේ ප්‍රධාන කතාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත්, අවසන් කතාව අමිත් ෂා අමාත්‍යතුමාත් පවත්වයි.

පසුගියදා නිමාවූ ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය තුළ ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හමුවක් සංවිධානය කිරීමට ඉන්දීය තානාපති කාර්යාලය විමසා තිබුණද මාලිමා රජයේ  පිළිවෙත නිසා එය අවලංගු විය.