“නාමල් රාජපක්ෂ තොරතුරු මධ්‍යස්ථානය” වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
මෙම වෙබ් අඩවිය මගින් පහත දැක්වෙන ක්ෂේත්රයන් ආවරණය කෙරේ.
- පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ට සම්බන්ධ පුවත් වාර්තා කිරීම.
- පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්රමුඛ රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වෙන මඩ අවලාද වලට පිළිතුරු දැක්වීම.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයේ සියලුම ආදරණීය සාමාජිකයින්ට එරෙහිව දේශපාලනමය වශයෙන් එල්ල වෙන මඩ අවලාද වලට පිළිතුරු දැක්වීම.
- ශ්‍රී ලංකාවට ජාතික වශයෙන් වැදගත් කමක් දක්වන දේශපාලනමය පුවත් සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම.
මෙහි ඉලක්කගත පාථකයින් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ආදරණීය ජනතාව සහ මධ්‍යස්ථ මතධාරීන් ය.
පාක්ෂිකයින් කලක සිට මතු කළ අතිශය වැදගත් කාරණාවක් වන්නේ විරුද්ධවාදීන් එල්ල කරන මඩ අවලාද චෝදනා වලට ක්ෂණිකව පිළිතුරු අවශ්‍ය බවයි. ඒ අනුව එවැනි මඩ අවලාදයක් එල්ල වූ සැනින් අදාල පාර්ශව සම්බන්ධ කරගෙන නිසි පිළිතුරු මෙම වෙබ් අඩවියේ දක්වමින් පාක්ෂිකයන්ව සහ මධ්‍යස්ථ මතධාරීන්ට තොරතුරු ලබා දීම අපගේ ඉලක්කයයි.