Category: Uncategorized

  • නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් බොරු කියන බවට පෙන්වීමට ගොස් බිමල් රත්නායක අමාත්‍යවරයා අසාර්ථක වුණ හැටි.

    මුදල් ගෙවූ විට ත්‍රීරෝද රථ වල අමතර කෑලි සවි කිරීමෙන් ගැටලුවක් නොවන බව ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවෙන් මය. ඒ ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී, අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රශ්න කළේ එසේ කීවේ කවුරුන්ද යන්නයි. ඒ හරහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් බොරු ගහන බවට පෙන්වීමට ඔහු උත්සාහ දැරීය. පහත වීඩියෝවේ බීමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීමට පිළිතුරු ඇත.

  • මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිටින නිවස්නය ගැන අප්‍රසිද්ධ තොරතුරු.

     මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිටින නිවස්නය රජයට පවරාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට පිළිතුරක්.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025/01/19 දින ක‍ටුකුරුන්දේ පැවැති ජන‍රැලියකදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිටින නිවස සම්බන්ධයෙන් පැවසූවේ, “අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙක් එකක් දෙනවා, තිස් දාහක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුලුවන්. මාසෙ කුලියට. කුලිය දුන්නෙ නැත්නම් එළියට” යනුවෙනි.

    1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට හෝ වැන්දඹුවට මේ දක්වාම රජයෙන් නිවසක් ලබා දෙයි. මේ දක්වා කිසිදු ජනාධිපතිවරයෙක්, තමන්ට පෙර සිටි ප්‍රතිවාදියාව නිවසෙන් එළියට දමන්නට කතා කළේ නැත. චන්ද්‍රිකා මැතිණිය බලයට පත් වූ පසුව, ප්‍රේමදාස මැතිතුමන්ගේ වැන්දඹුව ව නිවසෙන් එලියට දාන්න කතා කළේ නැත. මහින්ද රාජපක්ෂ මැතිතුමන් බලයට පත් වූ පසුව චන්ද්‍රිකා මැතිණිය හෝ හේමා ප්‍රේමදාස මැතිණියව සිය නිවෙස් වලින් එළියට ඇද දමන්නට කතා කළේ නැත. ජනාධිපති සිරිසේන මහතාද මොනවා හෝ කිව්වද මේ තරම් පහත් තත්ත්වයට වැ‍ටුණේ නැත. ගෝඨාභය ජනාධිපතිතුමන් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමන්ද මෙවැන්නක් කිසිදා කීවේ නැත.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ට රජයෙන් නිල නිවසක් ලබා දීමට විශේෂ හේතු ගණනාවක් තිබේ. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව, සෑම රටකම සම්මත වූ නීතියකි. පහත දැක්වෙන්නේ එක්සත් ජනපදයේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද වලට අදාල පනතයි. https://en.wikipedia.org/wiki/Former_Presidents_Act

    [1]. බොහෝ අය සිතනු ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන්ට කරන ගෞරවයක් ලෙස රජයෙන් නිල නිවාසයක් දෙනබවයි. නමුත් එසේ නොවේ.

    ඕනෑම රටක හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාසයක් ලබා දීමට හේතු:

    1. (ප්‍රධානතම හේතුව): තම රටට උපකාර කළ විදේශීය රටවලට වත්මන් රජය විසින් ගෞරවනීය ලෙස සැලකීම සහ ජාත්‍යන්තරයේ කෝපයට පාත්‍ර නොවීම.

    මෙය බැලූ බැල්මටම කිසිදු අදාලත්වයක් නොමැති බව පෙනුනද ඊට හේතුව මෙලෙසයි.

    විධායක ජනාධිපතිවරයෙක් සිය ධූර කාලය තුළදී ජාත්‍යන්තර රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් දහස් ගණනක් සමග සෘජුවම ගනුදෙනු කරයි. එහිදී එම රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් (විශේෂයෙන්ම තානාපතිවරුන්) සමග මිත්‍රත්වයක් ගොඩ නැගෙන අතර, ජනාධිපතිවරයා විශ්‍රාම ගිය පසුවද එම රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් (ඔවුන්ද විශ්‍රාම ගොස් තිබේ) විසින් හිටපු ජනාධිපතිවරයාව මුණ ගැසීම සිරිතකි. 

     

    එහිදී විශ්‍රාම ගිය ජනාධිපතිවරයාව මුණ ගැසීමට කිසියම් රටක (වත්මන් හෝ විශ්‍රාමික) රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙක්ට අවශ්‍ය වූ විට, ඔහුට පැය ගණනක් මහ මග රස්තියාදු වෙමින් සහ අඩු පහසුකම් සහිතව ඇති හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසට යාමට කියන්නේනම් එය ජාත්‍යන්තරය සලකන්නේ වත්මන් රජය විසින් සිය රටේ තානාපතිවරයාට කරන මදි පුංචි කමක් ලෙසටයි. එය එකී රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයාගේ ආරක්ෂාවටද තර්ජනයකි. උදා: මානුෂික මෙහෙයුමට උපකාර කළ බලවත් රටක හිටපු තානාපතිවරයෙක් මහින්ද මැතිඳුන්ව හමු වීමට තංගල්ලට යද්දී ISIS ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත්, හෝ රිය අනතුරකට ලක් වුවහොත්, එවිට අපහසුතාවයට පත් වන්නේ වත්මන් රජයයි.

    රටවල් සිය ගණනක තානාපතිවරුන් ඇතුළු අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රිකයන් දහස් ගණනක් සමග හිතවත් කම් ගොඩ නගා ගන්නා හිටපු ජනාධිපතිවරයෙක්ට ඒ සෑම අවස්ථාවකදීම කොලඹට ඒමට කීවහොත්, එවිට කොළඹම නතර වීමට සිදුවෙනු ඇත. අනෙක් අතට එසේ කළහොත් ඉන් ගම්‍ය වන්නේ, ලෝක සම්ප්‍රදාය කඩ කරමින්, වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ව නොසලකා හරින බව වන අතර, එවිටත් වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත් වේ.

    එනිසා සෑම රජයක් විසින්ම, සිය විශ්‍රාමික ජනාධිපතිවරයාට, අග නගරයේ ආරක්ෂිත ප්‍රදේශයකින් නිල නිවාසයක් ලබා දෙන්නේ, හිටපු ජනාධිපතිවරයාව හමු වීමට එන වත්මන් සහ විශ්‍රාමික රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ට කරන ගෞරවයක් ලෙසට මෙන්ම, පවත්නා රජය ජාත්‍යන්තරයේ කෝපයට සහ අපහසුතාවයට පාත්‍ර නොවීමටයි.

    2. ජාතික ආරක්ෂාව උදෙසා.

    මෙයත් බැලූ බැල්මටම කිසිදු අදාලත්වයක් නොමැති බව පෙනුනද ඊට හේතුව මෙලෙසයි.

    ජනාධිපතිවරයෙක් සිය ධූර කාලය තුළදී සිය රටේ ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන, ජාත්‍යන්තරව සංවේදී ගිවිසුම් ආදිය සම්බන්ධයෙන් තීරණ ගන්නා බැවින් ඒ පිළිබඳව දැනුවත් වෙයි. ඒ අනුව කිසියම් විශ්‍රාමික ජනාධිපතිවරයෙක් මූල්‍ය දුෂ්කරතාවයකට හෝ රට ගැන කළකිරීමටකට ලක් වුවහොත්, රටේ සතුරන්ට හෝ තරගකාරී රාජ්‍යයන්ට උක්ත විශ්‍රාමික ජනාධිපතිවරයාව අල්ලසට ගැනීමට ඉඩක් විවර වෙයි. ඒ අනුව සෑම රටක්ම සිය රටේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ගෞරවනීය ලෙස සලකන්නේ තම රටේ ජාතික ආරක්ෂාවේ කොටසක් ලෙස සලකමිනි.

    අනෙක් අතට, විශ්‍රාමික ජනාධිපතිවරුන් රජයේ නිවාසයක සිටීම හරහා එම නිවස්නයට අදාල CCTV පද්ධතියේ සිට ගුවන්විදුලි තරංග සංඛ්‍යාත, ශබ්ද සංවේදක උපකරණ දක්වා සියලුම අවේක්ෂණ (surveillance) තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ වෙත ලැබේ. ඒ හරහා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පාලනය කරනවාක් මෙන්ම හිටපු ජනාධිපතිවරයා ගැන ඔත්තු බැලීමටද රජයට හැකි වෙයි. මෙය සදාචාරසම්පන්න දෙයක් නොවන බව පෙනුනද, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය සෑම රටක්ම සිදු කරන්නකි.

    3. වත්මන් ජනාධිපතිවරයාට නොබියව තීරණ ගැනීමට ඉඩ සැලසීම උදෙසා.

    මෙයත් බැලූ බැල්මටම කිසිදු අදාලත්වයක් නොමැති බව පෙනුනද ඊට හේතුව මෙලෙසයි.

    ජනාධිපතිවරයෙක්ට සිය ධූර කාලය තුළදී ඉතමත් දැඩි තීරණ ගැනීමට සිදුවේ. එය සමහර විට තවත් පුද්ගලයන් දස දහස් ගණනකගේ ජීවිත සම්බන්ධ තීරණක් විය හැකිය. (උදා: ප්‍රේමදාස මහතා 88/89 කාලයේදී ජවිපෙට එරෙහිව යුද ප්‍රකාශ කිරීම. මහින්ද ජනපතිඳුන් 2006 දී LTTE යට එරෙහිව යුද ප්‍රකාශ කිරීම). උදාහරණ ලෙස වත්මන් ජනාධිපතිවරයා විශ්‍රාම ගිය විට අනෙකුත් අය මෙන්, තමන්ගේ ගෙදරට වී සිටින්න වුවහොත්, ත්‍රස්තවාදී හෝ ජාත්‍යන්තර අර්බුදයකදී වත්මන් ජනාධිපතිවරයාට එවන් දැඩි තීරණයක් ගත හැකි වේවිද? එනිසා සෑම ජනාධිපතිවරයෙකුටම ලැබේ වරප්‍රසාද සෑම රටක් විසින්ම පනතකින් සම්මත කර ඇත්තේ, සැම වත්මන් ජනාධිපතිවරයෙක්ටම නොබියව විධායක තීරණ ගැනීමට ඉඩ සැලසීමටයි.

    4. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා:

    ජනාධිපතිවරයෙක් සිය ධූර කාලයේදී ගන්නා තීරණ වලින් මිතුරන් මෙන්ම සතුරන්ද ඇති වේ. උදාහරණ ලෙස ජාතන්තරයේ සිටින කොටි ඩයස්පෝරාව තවමත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි වෛරයකින් පසු වෙන අතර, ආරක්ෂක වාර්තාවන්ට අනුව අදටත් ශ්‍රී ලංකාවේ වැඩිම ජීවිත තර්ජනයක් තිබෙන පුද්ගලයා වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ය. එහිදි ඕනෑම පුද්ගලයෙක්ට ඇති ආරක්ෂක තර්ජන මත ආරක්ෂාව ලබා දීම රජයේ වගකීමකි.

    [2]. ජනාධිපතිවරයගේ රාජත්‍රාන්තික නොදැනුවත්භාවය.

    රාජත්‍රාන්තික අධ්‍යාපනයක් ලබා නොමැති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට (ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ට තමන්ගේ කරට අත දාගන්නට ඉඩ දී ජාතයන්තරය ඉදිරියේ submissive බව දැක්වූ) මේවා තේරෙන්නේ නැත. අනෙක් අතට, කොට්ටච්චි මෙනෙවිය කී උගන්ඩා සල්ලි, සිය ගණන් ෆයිල්, නළලේ ඇස් දෙක තබාගෙන කී හොරකම්, වරාය නගරය හදන්න සීගිරියේ කළු ගල් කැඩන්න වීම, ඊනියා මහමොළකාරයා ආදී එකක්වත් ඔප්පු කර ගැනීමට නොහැකිව පාක්ෂිකයන් ඉදිරියේ අසරණව සිටින සිය පළාත් සභා අපේක්ෂකයන්ට ඡන්ද ගැනීමට මැතිඳුන් කෙරෙහි වෛර බැඳවීම හෝ කල යුතුව ඇත.

    [3]. හීනමානය.

    අධිවේගී මාර්ග, ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනයෙන් 50% කින් විදුලිය ලබා දෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, හම්බන්තොට වරාය, මහල් නිවාස, මොරගහකන්ද, උමා ඔය, ආදී දැවැන්ත සංවර්ධනයට ජේවීපී උද්ඝෝෂණ හමුවේ නායකත්වය සැපයූවේ එතුමන් ය. වසර 10 කට පසුව වත්මන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට ගොස් වරාය නගරය සංවර්ධනය කරනවා, හම්බන්තොට තෙල් පිරි පහදුවක් හදනවා, සාම්පූර් බලාගාරයක් හදනවා යනුවෙන් පාරම් බාන්නේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් මූලික එකඟතා ඇතිකරගත් නමුත් ජවිපෙ විසින් උද්ඝෝෂණය කර අඩපන කර දැමූ ව්‍යාපෘතීන් ය. තව ටික දවසකින් ජවිපේ දැවැන්ත ආයෝජනයක් ලෙසට නෙළුම් කුළුණද හඳුන්වා දැනු ඇත. වසර 2000 සිට පාර්ලිමේන්තුවේ සිටි අනුර කුමාර දිසානායක මහතා මේ දක්වා රටට කරපු එකම සේවාවක්වත් නැත. ඒ අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් කෙරෙහි ඇති හීනමානය අරුමයක් නොවේ.

    එසේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා චීනයට ගොස් පැමිණි විගසම එතරම් පරල වූයේ, චීනයේදී ඔහු ලබා ගත් බව කියමින් පාරම්බෑ ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය කුමක්දැයි ජවිපෙ පාක්ෂිකයන්ම දැනගෙන සිටීමයි. එනම් මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් 2010-2014 කාලයේදී මූලික එකඟතාවයක් ඇතිකරගත් හම්බන්තොට තෙල් පිරිපහදුවේ ආයෝජනය වන අතර එය 2019 දී යහපාලන ආණ්ඩුව ලවා නවතා දැමුවේද ජවිපෙ මැදිහත්වීම නිසාවෙනි. https://www.dailymirror.lk/breaking_news/SL-eyes-largest-ever-FDI-with-US—3-85bn-refinery-in-H%E2%80%99tota/108-164229

    ඕනෑම ආණ්ඩුවක ඉදිරිය පෙන්වන ලකුණ වන්නේ සමූපාකාර ඡන්දයි., මාලිමාව බලයට ඇවිත් දින 100 ක් යද්දී ඒවා දිගින් දිගටම පරදිනු ලැබෙයි. නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ උපාධිය ගැන ප්‍රශ්න කරපු ජවිපෙට තමන්ගේ කථානායකවරයා හොර උපාධියක් ඇති බව ඔප්පු වී ලැජ්ජාවට පත් විය. වත්මන් විපක්ෂ නායකවරයාට මීට වඩා දෙයක් කළ හැකි බවක් නොපෙනෙන නිසාත්, ජවිපෙ ගහන ලද බොරු එකින් එක හෙළි වෙන නිසාත් ජනතාව නාමල් රාජපක්ෂ මැතිතුමන් වටා එක් වීම ගැනද ජවිපෙ නායකයාට ඇත්තේ හීනමානයකි.

    [4]. වෛරය සහ පළිගැනීම.

    මීට පෙර ජේවීපී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූයේ, ආරක්ෂක අංශ මගින් කරන ලද නිර්දේශ මත මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරක්ෂාව අඩු කළ බවයි.

    පසුගියදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පැවසූයේ “ඔක්කොම අයින් කලා, 60 යි, තව කෙඳිරි ගෑවොත් 60 ත් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්.”

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පෙනී යන්නේ, එලෙස කිසිදු ආරක්ෂක නිර්දේශයක් නොමැති බවත්, ඔහුගේ හුදු වෛරය සහ පළිගැනීම මතම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරක්ෂාව අඩු කරන ලද බවයි.

    [5]. මහින්ද ජනපතිඳු යනු කවුද?

    පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් යනු, යුද්ධය අතරතුරදී කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ලේ, ස්නයිපර් භටයින් සිටින බංකර වලට ගොස්, අනෙක් පස සිටින ත්‍රස්තවාදීන්ව නීරික්ෂණය කිරීමට තරම් මොරාල් එකක් තිබූ ජනාධිපතිවරයෙකි. කැබිතීගොල්ලෑව බස් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ විට, අදාල ත්‍රස්තවාදීන් තවමත් කැලෑවේ සිටින බව කියද්දීත්, පීඩාවාට පත් වූ තමන්ගේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ කඳුළු පිස දැමූ ජනාධිපතිවරයෙකි. හිටපු ජනාධිපතිවරුන් 4 දෙනෙකුට අවසන් කර ගත නොහැකිව, වත්මන් විපක්ෂ නායක තුමාගේ පියතුමන්ට ජීවිතයත් අහිමි වූ යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයෙකි. 2005 ට පෙරත් සිටියේ එම හමුදාවම වන අතර 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති නොවන්නට සාම සාකච්ඡා මුවෙන් උතුරු නැගෙනහිර වෙනම රටක් බවට පත් වෙනු ඇත.

    88/89 කාලයේ ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදුනේ නැති ජේවීපී පාක්ෂිකයන්ද පීඩාවට පත් වෙද්දී, ජවිපෙ නායකයින් සිය පාක්ෂිකයන්ව මග හරිද්දී, ජේවීපී පාක්ෂිකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් නොමිලයේ නඩු කතා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ය.

    එවන් එඩිතර නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය තංගල්ල කාල්ටන් නිවසේ ජීවත් වීමට බියක් දක්වන්නේ නැත. එතුමන් නිල නිවස්නයේ මෙතෙක් කල් සිටියේ තමන් හමුවීමට එන වත්මන් සහ විශ්‍රාමික විදේශ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ට කරන ගෞරවයක් වශයෙන් සහ ඔවුන්ව තංගල්ලට එන්නට දී ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක් නොකිරීමටයි. 

    එසේම එම නිවස්නය එතුමන් විපක්ෂයේ සිටියදී එවකට යහපාලන ආණ්ඩුවෙන්ම නිල වශයෙන් ලැබුණකි.. එලෙස නිල වශයෙන් ලැබුණ නිවසක්, කවුරුන් හෝ හන්දියක කියවන කතන්දරයක් අසා අත හැර දැමීම රජයේ දේපල ආරක්ෂා කරන නිසි ක්‍රමවේදය නොවන අතර, එය රජයට ලබා ගැනීමටනම් නිල වශයෙන් ලිඛිතව දැනුම් දිය යුතුය.

  • වත්මන් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීම සහ එහි ප්‍රතිවිපාක.

    මේ ඔබ දකින්නේ වත්මන් JVP ආණ්ඩුව බලයට ආ සැනින් රටේ ආරක්ෂක මර්මස්ථාන වල ආරක්ෂාව ගලවා ඉවත් කිරීම ගැන එක් උදාහරණයක් පමණි… මේ අයුරින් රටේ නන් දෙසින් ආරක්ෂක මුරකාවල් ඉවත් කෙරුණි.

    තදාසන්න ප්‍රදේශ සහ ඒවායේ පුද්ගලයන් ගැන ඉතා පුළුල් අවබෝධයක් තිබුන ආරක්ෂක ප්‍රධානීන්ව මාරු කෙරුණි. බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් සහ උතුරේ යුද මෙහෙයුම් වල සිටි සෙබලුන්ගෙන් දසක ගණන් පැරණි නඩු අදිමින් පළි ගත්‍තෝය. ආරක්ෂක අංශ අකර්මන්‍ය විය. සාක්ෂි නොමැති නිසා රණවිරුවන්ට නඩු දාන්න පදනමක් නැතැයි කියූ නීතිපති තුමාව සේවයෙන් පහ කිරීමට හදයි. අධිකරණ පද්ධතියම දුර්වල විය.

    එහි ප්‍රතිඵලය දැන් දැන් රටම භුක්ති විඳියි. තැන තැන මනුෂ්‍ය ඝාතන සිදුවෙන අතර, මෑතකදී අධිකරණය තුළට ගොස් විනිශ්චකාරවරයා ඉදිරියේම ඝාතනයක් සිදුකර නිරුපද්‍රිතව පලා යාමටද අපරාධකරුට හැකි විය. විශේෂ කාරණාව වන්නේ එය මෙහෙයවූයේ කිසිදු සන්නද්ධ පුහුණුවක් නොමැති කාන්තාවක් වීම නිසයි.

    මෙලෙස ආරක්ෂක මුරකාවල් ඉවත් කර තිබියදී, ආණ්ඩුවෙන්ම රණවිරු දඩයම සිදුකරද්දී, ඒ ගැන පුදුම වීමට දෙයක් නැත.

    දැන් අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි, බොඩි චෙකප් නිසා අධිකරණය ඉදිරිපිට කිලෝමීටරයකට දුර පෝලිමකි. ජනතාව විඳවයි.

    2005 ආණ්ඩු බලය ගත් ගමන් එදා හෙළ උරුම ආදීන්ගේ කුලප්පුවට, මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක් විටම යුද කිරීමට ගියේ නැත. මුලින්ම කළේ රටේ ආරක්ෂක මර්මස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීමයි. දෙවැනිව පාකිස්ථානය, වියට්නාමය, රුසියාව, චීනය සමග මිත්‍රත්වයක් ඇතිකරගෙන අන්තර්ජාතිකව රට ආරක්ෂා කළේය. තෙවැනුව, අපි වවමු රට නගමු, වගා සංග්‍රාමය, රු 350 ට පොහොර මිටි දීම ආදිය මගින් ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂණය කළේය.

    විදේශ තානාපතිවරුන් පැමිණෙන අරලිය ගහ මන්දිරයේ සිට, වරාය, ගුවන්තො‍ටුපොළ, විදුලි බලාගාර, ජල පිරිපහදු ආදිය ආරක්ෂා කිරීමට, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාත්, ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම බුද්ධි ප්‍රධානියා ලෙස සැලකෙන මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරන මහතාත් ජාතික සැලැස්මක් ස්ථාපිත කළෝය. එවකට ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් ලෙස FBI විසින් නම් කර තිබූ LTTE ය සමග සටන් කරද්දීත් රට Lock Down නොකර පවත්වාගැනිමට හැකි වූයේ එනිසයි. අද ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරමින් සිටින්නේ එම ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියයි.

    දැන්වත් වත්මන් ආණ්ඩුව කළ යුත්තේ, මානුෂික මෙහෙයුම කාලයේදී ආරක්ෂාව භාරව සිටි බුද්ධි ප්‍රධානීන්ගෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව උපදෙස් ගෙන, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ස්ථාපිත කළ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කිරීමයි.

  • සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට මහින්ද අගමැතිතුමන් සහ සහ අනුර ජනපතිතුමන් සලකපු හැටි.

    අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ඔන්ලයින් ව්‍යවාසායකයින් සඳහා වත්මන් ආණ්ඩුව 15% බදු පනවා තිබේ.

    එහෙත් 2020 දී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුදල් අමාත්‍යවරයාව සිටියදී, ශ්‍රී ලංකාවට එවන ඩොලර් දිරි ගැන්වීමට විශේෂ තැන්පතු ගිණුමක් (SDA) හඳුන්වා දී , එසේ එවන ඩොලර් වලට අතිරේක පොලියක් රුපියල් වලින් දී, විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීම දිරිමත් කළේය. මූලාශ්‍රය: https://dfe.lk/web/images/rdevelopment/49bd4b63013c89bf7be9782a36c8d42d-2170-04-S.pdf

    පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ආදායම නැත්තට නැති වී තිබියදී, කොරෝනා නිසා විදෙස්ගත ශ්‍රමිකයින් ද ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විදෙස් ප්‍රේෂණ හිඳී ගොස් තිබියදී , අන්තර්ජාලය හරහා මුදල් උපයන තරුණ තරුණියන්ට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් දිරි ගැන්වීම ලබා දුන්නේ එලෙසයි.

    එදා රටේ තත්ත්වය අවබෝධ නොකරගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මහින්ද-ගෝඨා ආණ්ඩුව ඉවත් කර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දායක වූ අතර, අවසානයේදී වත්මන් ජේවීපී ආණ්ඩුව ඔවුන්ට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් උපයන සොච්චමෙන් 15% කුත් උදුරා ගනිමිනුයි.

    මේවා නොදැන තවමත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අවලාද නගන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මිතුරන්ව මෙය බෙදා හරිමින් දැනුවත් කරමු.

  • Hello world!

    Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!